පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වසංගත රෝගයක්

Thursday, 21 September 2017 - 10:58

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතෙහිම වැලි මැස්සාගෙන් බෝවන "ලීස්මනයිසීස්"රෝගය පැතිර තිබෙන බව පොලොන්නරුව වසංගත රෝග නිවාරණ වෛද්‍ය වයි.එස් චමින්ද සෙනෙවිරත්න පවසනවා.

ඉකුත් වසරේ දී "ලීස්මනයිසීස්" රෝගීන් 129ක් වාර්තා වී  ඇති බවත් මෙම වසරේ ජූලි මාසය අවසන් වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84ක් බවත් ඔහු පෙන්වාදෙනවා.

වසංගත රෝග ව්‍යාප්තිය පිළිබදව අප කළ විමසුමක දී ඔහු මේ බව ප්‍රකශ  කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන්  දිඹුලාගල,ඇළහැර හා තමන්කඩුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල මෙම රෝගය තරමක් පැතිර පවත්නා බවයි.

මෙම රෝගයට වැඩි පුරම ගොදුරුවන්නේ පිරිමින් බවත් එය සියයට 75ක් පමණවන බවත් ඔහු පෙන්වාදෙනවා.

කාණ්ඩ ගෙන බැලූ විට වයස අවුරුදු 25 -50 අතර පසුවන්නන් ට මෙම රෝගය වැලදීමේ ප්‍රවණතාවක් තිබෙන බවද සඳහන්.

ලංකාවෙන් ම මෙම රෝගය බහුල දිස්ත්‍රික්ක ලෙස හම්බන්තොට,අනුරාධපුරය හා පොලොන්නරුව නම් දරා සිටින බවත් වැලි මැස්සාගෙන් බෝවන ලීස්මනයිසීස් රෝගයේ රෝග ලක්ෂණ දකින මුල් අවස්ථාවේ දීම වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් එසේ නොවුනහොත් මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරයා අනතුරු අඟවනවා.

පොලොන්නරුව - රොෂාන් තුෂාර තෙන්නකෝන්