ෆේස් බුක් හරහා මුදල් වංචා කළ කතක් අල්ලයි

Thursday, 21 September 2017 - 12:30

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පුද්ගලයි රවටා මුදල් වංචා කළ කාන්තාවක් වැලිගම පොලිසිය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව විදේශ රටකින් තෑගි පාර්සල් ලැබී ඇති බවට මුහුණු පොත (face book ) හරහා පණිවිඩ යවා ඒවා ගෙන්වා ගැනීමට බැංකු ගිණුම් අංකයක් යවා එයට මුදල් ගෙන්වා ගනිමින් මෙම වංචාව සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාව හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක කාන්තාවක්.

අදාල කාන්තාව අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.