මෙරට බිළිඳුන් 11000 ක් යුරෝපයට

Thursday, 21 September 2017 - 15:41

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+11000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7
මෙරට බිළිඳුන් 11000 කට අධික සංඛ්‍යාවක් 80 දශකයේ යුරෝපා රටවලට අලෙවි කර ඇති බව හෙළි වී තිබෙනවා.

නෙදර්ලන්ත රූපවාහිනී වාර්තා වැඩසටහනක් අනාවරණ කරන්නේ එම ගනුදෙනුවලට සම්බන්ධ දෙපාර්ශ්වයන්ම ඊට ව්‍යාජ ලිපි ලේඛන පවා භාවිත කර ඇති බවයි.

නෙදර්ලන්ත රූපවාහිනී ආයතනයක් නිෂ්පාදනය කරන ලද වාර්තා වැඩසටහනකට අනුව 80 දශකයේදී ශ්‍රී ලාංකික බිළිඳුන් 4000 ක් පමණ අලෙවි කර ඇත්තේ නෙදර්ලන්තයටයි.

ඊට අමතරව ස්වීඩනය, ඩෙන්මාර්කය, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යයට ද මෙරට බිළිදුන් අලෙවි කර තිබෙනවා.

දිළිඳුබව සහ වෙනත් සමාජමය ගැටලු මත පදනම්ව බිළිඳුන් එලෙස විදේශ මව්පියන්ගේ රැකවරණයට පත්කිරීමට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ වාර්තා වැඩසටහන උපුටා දක්වමින් බීගබීගසීග පුවත් සේවය පවසන්නේ යුරෝපයට බිළිදුන් ලබාදීම සදහා එවකට මෙරට චයිල්ඩ් ෆාම් හෙවත් බිළිදුන් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබදව පවා වාර්තා වූ බවයි.

අදාළ නෙදර්ලන්ත වැඩසටහන වාර්තා කරන පරිදි මෙය ළමා ජාවාරමක් බවට පත්ව තිබී ඇති අතර, මුදලට මව්පියවරුන් ලෙස ව්‍යාජව පෙනීසිටි පුද්ගලයින් සහ ඇතැම් රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින්ද ඊට සහයවී තිබෙනවා.

එලෙස යුරෝපයේ මව්පියන් සෙවනේ හැදී වැඩී මේ වනවිට යෞවන වියේ පසුවන තරුණ තරුණියන් වරින් වර වැදු මව්පියන් සහ මුල් ඥාතීන් සොයා පැමිණි අවස්ථා ද වාර්තා වුණා.

නමුත්, වසර 40 කට ආසන්න ඉතිහාස කතාවක දෙපාර්ශ්වයක් මුණ ගැස්සවීම පහසු කාර්යයක් නොවේ.

නෙලදර්ලන්ත මව්පිය යුවළක් ඇසුරේ හැදී වැඩුණු 27 හැවිරිදි රෝවන් වෑන් නැමැති තරුණයෙකු මේ වනවිට සමාජ ජාල ඔස්සේ යුරෝපයේ හැදී වැඩුණු තමා වැනි තරුණ තරුණියන්ගේ තොරතුරු එක්රැස් කරමින් සිටින්නේ ද ඔවුන්ගේ මෙරට ඥාතීන් මුණ ගැස්සවීමේ අපේක්ෂාවෙනුයි.

ඒ සදහා අවශ්‍ය නම් තමා මැදිහත් වීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.