වර්ජනයෙන් රෝහල්, පාසල් සහ සරසවි කටයුතුවලට බාධා

Thursday, 21 September 2017 - 12:57

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය සමිති රැසක් එක්ව අද දිනයේ ක්‍රියාත්මක සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්, පාසල් සහ සරසවිවල දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතුවලටයි.

එහෙත් හදිසි ප්‍රතිකාර කටයුතු මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

මේ අතර ග්‍රාමීය පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම සියයට 80 කින් පමණ අඩුවී ඇති අතර, නාගරික පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේ.

මෙම වර්ජනයට සමගාමීව අද දහවල් සියලූම විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා පැවැත්වෙනවා.

සියලූම සරසවි සිසුන් සිය අධ්‍යයන කටයුතුවලින් බැහැරව සිටීමට පියවර ගෙන ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ  පාසල් සිසුන් උද්ඝෝෂණවලට යොදාගන්නා පාර්ශවයන්ට එරෙහිව දැඩිව නීිතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම සංකේත වර්ජනයට විසඳුමක් නොලැබුණහොත් අඛන්ඩව තවදුරටත් වර්ජන ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් අද දිනයේ ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ සායනික කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළා.