වර්ජනයේ නිරත රජයේ වෛද්‍යවරුන් තවත් තීන්දුවකට සැරසෙයි

Thursday, 21 September 2017 - 19:15

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය සමිති රැසක් අද (21) උදෑසන 8 ට ආරම්භ කළ වර්ජනය තවමත් ක්‍රියාත්මකයි.

එය හෙට පෙරවරුවේ අවසන් වන අතර, වර්ජනය හේතුවෙන් රෝහල්, පාසල් සහ සරසවිවල දෛනික කටයුතුවලට බාධා එල්ල වුණා.

වැඩිම බලපෑමක් රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතුවලට එල්ල වූ අතර, හදිසි ප්‍රතිකාර කටයුතු මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් ද ක්‍රියාත්මක වු බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, සයිටම් අහෝසි කිරීමට රජය තීරණය නොකළහොත් ලබන සතිය තුළදී තීරණාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියා.

වර්ජනය හේතුවෙන් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණා. හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල් කිහිපයක් ගුරුවරුන් නොමැතිවීම නිසා වසා දමා තිබූ අතර නාගරික පාසල් රැසක ද ගුරුවරුන්ගේ පැමිණීම අඩුවී තිබුණා.

මේ අතර, වර්ජනයට එක්ව සිටින සයිටම් විරෝධී ජන පවුර ද කොළඹ අද (21) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ රජය මෙම ගැටලූවට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවයි.

සරසවි ඉදිරිපිට විරෝධතා පැවැත්වූ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් ද මෙම වර්ජනයට සහය පළ කරමින් අද අධ්‍යයන කටයුතුවලින් බැහැරව සිටියා.

එමෙන්ම වර්ජනයට සහය පළ කරමින් ඛනිජ තෙල් ඒකබද්ධ වෘත්තිය සමිති එකමුතුව ද අද දහවල් තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක් සිදුකළ අතර කොටුව දුම්රියපොල අසල මෙන්ම වෙනත් නගර කිහිපයක ද අද උද්ඝෝෂණ පැවැත්වුණා.