යෝෂිතගේ ආච්චි ඩේසිට අධිකරණයෙන් අද ලැබුන නියෝගය

Friday, 22 September 2017 - 12:02

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%A9%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් FCID යට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළා.

රු මිලියන 50ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගෙන ඇති බවට හා ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා.

FCID ය අධිකරණයට අද කියා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඩේසි ෆොරස්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවයි.

මෙතෙක් පරීක්ෂණ ප්‍රතිපළ නීතිපතිවරයා වෙත යැවූ බවත් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කරන බවත් ඔවුන් අධිකරණයට කියා සිටියා.

ඒ අනුව එතෙක් නඩුව බහා තැබීමට අධිකරණය තීරණය කළා.