ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට සියලූ සහය දෙන බව ජගත් මහ ලේකම්, ජනපතිට කියයි

Saturday, 23 September 2017 - 21:38

%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සංහිදියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතිකයක් ලෙස ගොඩනැගීමට දරණ ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතේරස් පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය සදහා සහභාගි වීමට ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජගත් සංවිධාන මහලේකම්වරයා අතර ඊයේ නිව්යෝක් නුවරදී පැවති හමුව අතරතුරදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරමින් සියලූ ශ්‍රී ලාංකිකයින්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ලබාදෙන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

පැරිස් සමුළුවේදී ඇති කර ගත් එකගතාවයන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදුකරන මැදිහත්වීම එහිදී අගය කළ ජගත් සංවිධාන මහලේකම්වරයා තිරසර සංවර්ධන ඉලක්ක සංවර්ධන ක්‍රියාදාමයට එක් කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව පිළිබදව ද සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙන යන ක්‍රියාමාර්ග සදහා අද ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.  

ඒ සදහා ලෝකයේ සෑම රාජ්‍යයකම සහයෝගය සහ මිත්‍රත්වය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

සංවර්ධන ඉලක්ක ද ජය ගනිමින් සංහිදියා පිළිවෙතක් කරා ගමන් කරන මෙරට වත්මන් ප්‍රගතිය දැක බලා ගැනීමට පුද්ගලිකවම සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජගත් සංවිධාන මහලේකම්වරයා වෙත ආරාධනාවක් ද සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

මේ අතර ශ්‍රී ලංකාවේ සංහිදියාග ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් බින් රාද් අල් හුසේන් කුමරු හමු වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අනුකූලව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ජනාධිපතිවරයා මෙහිදි මානව හිමිකම් කොමසාරිස්වරයාට පැහැදිලි කළ බවයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් දැනට ලබාගෙන ඇති ප්‍රගතිය දැක ගැනීම සඳහා ලබන වසරේදී මෙරටට පැමිණෙන්නැයි හුසේන් කුමරු වෙත ජනාධිපතිවරයා ආරාධනා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඉහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මෙහිදි මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව ඇති අතර තවදුරටත් එම ගමන වේගවත් වන්නේ නම් තමන් සතුටුවන බවද සෙයිස් අල් හුසේන් කුමරු සදහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය උපරිම සහය ලබා දෙන බවද මහ කොමසාරිස්වරයා මෙහිදීජනාධිපතිවරයාට පවසා තිබෙනවා.