පෙට්‍රල්, ඩීසල් වැඩි කිරීමට දැනට සූදානමක් නැතැයි සංස්ථාව කියයි

Saturday, 30 September 2017 - 18:59

%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම කෙරෙහි මෙතෙක් කිසිදු තීරණයකට එළඹ නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ධම්මික රණතුංග හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තනිව තීරණයක් ගත නොහැකි බවයි.

කෙසේ වෙතත්, ලංකා අයි. ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ලබන මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට තමන් සැලසුම් කර ඇති බවයි.

වැඩි කරන මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති අතර, ඉන්ධන සඳහා බදු අඩු කිරීම හෝ මිල වැඩි කිරීම සිදුකළ යුතු යැයි රජයට දැනුම් දී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මෙහිදී ලංකා අයි. ඕ.සී. කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ ලෝක වෙළඳපොළේ වත්මන් මිල ගණන් අනුව ඉන්ධන අලෙවියේදී තමන්ට විශාල පාඩුවක් විදීමට සිදුව ඇති බවයි.