සීමා නිර්ණ කමිටුව ගැන හකීම්ට ගැටලූවක්

Thursday, 05 October 2017 - 13:20

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පළාත් සභා සීමා නිර්ණය සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන් පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් ප්‍රකාශ කළා.

මැතිවරණ ක්‍රම සංශෝධන හා අතුරු වාර්තාව පිළිබඳව සම්මන්ත්‍රණයකට කොළඹ දී අද (05) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට අනුව පළාත් සභා සීමා නිර්ණය සඳහා කේ. තවලිංගම්ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය එස්. එච්. හිස්බුල්ලා, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වන පී. එම්. සිරිවර්ධන සහ මහාචාර්ය සංගරන් විජය සංදිරන්.