මහියංගනයේ ජනතාව වනඅලි තර්ජන හේතුවෙන් නිහඩ විරෝධතාවක

Saturday, 07 October 2017 - 19:34

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
වන අලි තර්ජනයට විසදුම් ඉල්ලා මහියංගනය අවට ජනතාව මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද නිහඬ විරෝධතාවයක නිරතවුණා.

ඔවුන් දෙහිගොල්ල ප්‍රදේශයේ සිට රථ පෙලපාලියකින් මහියංගනය නගර වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සදහන් කලේ.

වන අලි ගැටලූව සම්බන්ධයෙන් වන ජිවි නිලධාරින්ට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළ ද ඉන් ඵලක් නොවූ බව විරෝධතාකරුවන් සදහන් කළා.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඔවුන් විරෝධතාවයේ නිරත වන අවස්ථාවේ වනජිවි හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වන අලි ගැටලූව පිලිබද සාකච්ජාවක්ද එහි පැවැත්වුණා.

ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම රාජ්‍ය නිලධාරින් ද එක්ව සිටි අතර ඉදිරිපත් වූ යෝජනා පිළිබදව ලබන 13 වනදා යලි සාකච්ජාවක් පැවැත්වීමට තීරණය වි තිබෙනවා.

සාකච්ජාවෙන් අනතුරුව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නිලධාරින් පිරිස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් හමුවි කියා සිටියේ ඔවුන්ගේ ගැටලූවට විසදුම් ලබාදීම සදහා ඉදිරියේදී පියවර ගන්නා බවයි.