අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට

Wednesday, 11 October 2017 - 13:10

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණී ගුවන් යනා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.

මෙම ගුවන් යානා චෙන්නායි සහ සී - ෂෙල්ස් සිට පෙරවරු 11.20 ට මෙරටට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි කාර්යයේ නියුතු කළමණාකරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් අනෙකුත් ගුවන් ගමන්වල වෙනසක් සිදුනොවන බව ගුවන්තොටුපලේ කාර්යයේ නියුතු කළමනාකාරවරයා කියා සිටියා.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේ වෙතත් මත්තල ප්‍රදේශයේ මේ වනවිට යහපත් කාලගුණ තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

අදාළ ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබෑම සිදුකළද මේ වනතෙක් මගීන් ඉන් පිටතට පැමිණීමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.