ප්‍රභාකරන්ගේ මළ සිරුරු දුටු විට තමන් කනගාටු වූ බව කියූ උප නායකයා

Thursday, 12 October 2017 - 10:34

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරු දුටු විට තමන්ට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව රාහුල් ගාන්ධි ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය ජාතික කොංග්‍රසයේ උපනායක රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කර ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකදීයි.

ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්.

"අපගේ පවුලේ සියල්ලන් මහත්මා ගාන්ධි දර්ශනය අනුව කටයුතු කරන පවුලක්. මම මගේ තාත්තාගේ ඝාතකයාගේ සිරුර දැක්කා. ප්‍රභාකරන්ගේ සිරුර දුටු විට මට කනගාටුවක් ඇති වුණා."

කෙසේ වෙතත් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට චෝදනා එල්ලවූවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එල්ලකළ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දියාවේ ළාබලතම අග්‍රාමාත්‍යවරයා වූ රජිව් ගාන්ධි ඝාතනය කෙරුනා.

එම ප්‍රහාරය හේතුවෙන් තවත් 14 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වූවා.