නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධන දැනට අනවශ්‍යයි - අස්ගිරි - මල්වතු පාර්ශවය තීන්දු කරයි

Wednesday, 18 October 2017 - 18:53

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පවතින වියවුල්කාරී තත්ත්වය හමුවේ නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධන සිදුකිරීම දැනට අනවශ්‍ය බව අද රැස්වූ අස්ගිරි සහ මල්වතු උභය මහා විහාරීය කාරක සංඝ සභාව තීරණය කළා.

මීට අදාළ සාකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේදියි.

පස්වරු 03 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර, ඊට නීතිවේදීන් ඇතලු  වෘත්තිකයන් පිරිසක් ද එක්ව සිටි බව එහි සිටි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් කියා සිටියේ නීති විශාරදයින් සමග මේ සම්බන්ධයෙන් සිදුකළ අදහස් හුවමාරුවේදී මෙම නව ව්‍යවස්ථාව රටට අනවශ්‍ය බව මහා සංඝ රත්නය විසින් ප්‍රකාශ කළ බවයි.

සාකච්ඡාව අවසන් වීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ මේ මොහොතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථා යෝජනාවලියක් තුළින් රට අවුල් සහගත තත්ත්වයකට පත්වනු ඇති බවයි.