රත්තොට පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Thursday, 19 October 2017 - 14:47

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිණියක් දුෂණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඔහු උඩුදුම්බර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදීයි පසුගිය අප්‍රේල් 9 වනදා හෝ ඊට ආසන්න දිනක රාත්‍රී කාලයේදී ග්‍රාම නිලධාරිනියක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව පැවැත්වෙන විමර්ශණයට අනුව පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රත්තොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටවු බව පොලිසිය නිවේදනය කළා.

රත්තොට පොලිස් ස්ථනාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 11 වනදායි.

ග්‍රාම නිලධාරීවරියගේ සැමියා ඩෙංගු වැළඳී රෝහල්ගතව සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා බීමතින් පැමිණ අතවර කළ බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.

මෙම සිද්ධියෙන් කලයකට පසු පැමිණිල්ල සිදුකර ඇත්තේ සැකකාර පොලිස් නිලධාරීවරයාගෙන් ග්‍රාම නිලධාරීවරියට මරණීය තර්ජන එල්ලවීම හේතුවෙන් බව ද සඳහන්.