පියසිරි විජේනායක, විමල් ගැන මහින්දට හා බැසිල්ට කියූ දේ

Friday, 27 October 2017 - 11:34

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
තමන් මින් ඉදිරියට විමල් විරවංශ මන්ත්‍රීවරයා සමග ජාතික නිදහස් පෙරමුණේ කටයුතු නොකරන බව, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දැනුම් දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසනවා.

එහෙත් එජාප දේශපාලනය හා එක නොවන බවත් තමන් හිටපු ජනපතිට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

තමන්ව ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළා.

එහෙත් එම තීරණය ගත රැස්වීමට තමන් හෝ පක්ෂ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ එක නොවූ බව පැවසු ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස් වන විට එයින් ඉවත් වීමට ජානිපෙ ගත තීරණයට තමන් එකඟ නොවූ බවයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන කරුණ පරාජය කිරීමට නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දිනා ගැනීම හා ජනපති ඇමතීම කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දේශපාලනයේ රැඳී සිටින බව ඔහු පැවසුවා.