පියසිරි විජේනායක සිදුකළේ වරදක් - තීරණයක් ගන්නා බව ජානිපෙ කියයි

Friday, 27 October 2017 - 13:18

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නව ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවට අදාළව සිදුකළ ප්‍රකාශය විවේචනය කරමින් පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක සිදුකළ ප්‍රකාශය වරදක් බව එම පක්ෂය අද ප්‍රකාශ කළා.

කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව පක්ෂය ඉදිරියේදී සාකච්ඡා කරන බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

පසුගිය කාලයේ ඔහු දේශපාලන වශයෙන් යාවත්කාලීන නොවූ බවත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව ඔහු ප්‍රකාශ සිදුකර ඇති බවත්, ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියා.

එමෙන්ම, ඔහු සිදුකළ ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදුකර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.