කොස්ගොඩ ස්ථාන තුනකදී සිදුවූ වෙඩි තැබීම්වලින් එකම පවුලේ තුන්දෙනෙකු ඇතුලූ හතරදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 3.30 ත් 4.00 ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම් සිදුව ඇති බවයි.
කොස්ගොඩ - ලෑලිහෙට්ටුව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් 52 හැවිරිදි පියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා මියගියා.
මේ අතර කොස්ගොඩ - මැණික්ගම ප්‍රදේශයේ සිදුවූ තවත් වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.
එමෙන්ම කොස්ගොඩ - කුරුඳුගම්පියස ප්‍රදේශයේ සිදුවූ තවත් වෙඩි තැබීමකින් 15 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
යතුරුපැදි දෙකකින් පැමිණි 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්.
මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර කොස්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර කොස්ගොඩ පොලිසිය මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම්වලට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.