UNP ය සමඟ එන්නේ නෑ - දුමින්ද දිසානායක

Friday, 03 November 2017 - 17:04

UNP+%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තම පක්ෂය පුළුල් සන්ධානයකින් තරඟ වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව මැතිවරණයට තරඟ නොකරන බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති මෙම සාකච්ඡාවට නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන් සහභාගි වී සිටියා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ සඳහා සහභාගි වන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිපි මගින් දැනුම් දී තිබුණත් ඔවුන් ඊට එක්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, සාකච්ඡාවට කළ ආරාධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතලිස් දෙදෙනෙකු අත්සන් තැබූ කොන්දේසි 7ක් ඇතුළත් පිළිතුරු ලිපියක් ඔවුන් ඊයේ යොමු කර තිබුණා.