දෙදිනකට පෙර මියගිය මවක් සමග සිටි කුඩා දරුවෙකු සොයා ගනී

Friday, 10 November 2017 - 8:23

%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි එක්දරු මවකගේ මළ සිරුරක් සහ ඒ අසල නිරුපද්‍රිතව සිටි අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවෙකු සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඉඩම්තොට ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 22 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුර ඊයේ මෙලෙස සොයා ගත් බවයි.

මියගිය කාන්තාවගේ මව ලබාදුන් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සිය දියණිය පිළිබදව සොයා බැලීමට ඇගේ මව ඊයේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී නිදන කාමරයේ ඇද මත මියගොස් සිටි සිය දියණිය දැක ඇති අතර, ඒ ආසන්නයේ නිරුපද්‍රිතව ඇගේ කුඩා දරුවා ද සිටි බවයි ඇයගේ මව පොලීසියට සදහන් කර ඇත්තේ.

පොලීසිය සැක පළ කරන්නේ මෙම කාන්තාව ඊයේ හෝ පෙරේදා යන දින තුළ මියයන්නට ඇති බවයි.

කෙසේ වෙතත්, ඇය මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.