පුංචි ඡන්දයේ නාමයෝජනා කැදවන්න ඡන්ද කොමිසම සූදානම්

Saturday, 11 November 2017 - 19:28

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වීමත් සමග මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමේ කටයුතුවලට අදාළ මූලික වැඩපිළිවෙල ආරම්භ කිරීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පිටු 220 කින් සමන්විත වන අදාළ ගැසට් නිවේදනයේ නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා 2 ක් ද අඹගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ආගරපතන හා කොටගල යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක් ද අලූතින් පිහිටුවීම පිළිබදව තොරතුරු ඇතුළත්.

මීට අමතරව, පොළොන්නරුව - තමන්කඩුව ප්‍රාදේශීය සභාව, මෙහිදී පොළොන්නරුව මහනගර සභාව සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ලෙස වෙනස් වී තිබෙනවා.

මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීම මේ මස 27 වනදායින් ආරම්භ වන සතියේදී ප්‍රකාශ කරන බවයි.

නාම යෝජනා කාලසීමාව දෙසැම්බර් 11 සහ 20 වනදා අතර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නාම යෝජනා කටයුතු නිමවීමෙන් පසු තේරීම්භාර නිලධාරින් විසින් ඡන්ද විමසීම පිළිබද ගැසට් නිවේදනය නිකුත් කරන අතර, එම දිනයේ සිට සති 5 කට නොඅඩු සති 7 කට නොවැඩි කාල සීමාවක් තුළ ඡන්දය පැවැත්විය යුතුයි.

ඒ අනුව පළාත් පාලන ඡුන්ද විමසීම ජනවාරි 20 සහ 31 අතර දිනකදී පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

බොහෝ දුරට එය ජනවාරි 27 වනදා පැවැත්වෙන බවට වාර්තා පළ වනවා.

මේ අතර, අද නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව පළාත් පාලන ආයතන වෙත තෝරා පත් කර ගන්නා සභිකයින් සංඛ්‍යාව පසුගිය පළාත් පාලන මැතිවරණයට සාපේක්ෂව දෙගුණයක් බවට පත්ව ඇතැයි පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.