දිඹුල බෝගහවත්ත ප්රදේශයේදී අතුරුදන්වු සය හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් ඇලක තිබියදී සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම දරුවා පේර කැඩීමට ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් සහ ප්රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුනා.
කෙසේවෙතත් දරුවා සොයා ගැනීමට හැකියාවක් ලැබී තිබුනේ නැහැ.
මේ හේතුවෙන් අද උදෑසන පේර කැඩීමට ගිය ගස අසලින් මහවැලි ගගට ජලය ගලා බසින බෝගහවත්ත ඇල පරීක්ෂා කිරීමේදී එහි තිබී දරුවාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
දරුවා ඇළට වැටුනේ කෙසේ ද යන්න පිළිබඳ දිඹුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදු කරන බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලට රැගෙන යාමට නියමිතයි.

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ