යුධ හමුදා ට්‍රක්රථයක් අනතුරට ලක්වීමෙන් භටයන් දසදෙනෙකු රෝහලේ (ඡායාරූප)

Monday, 13 November 2017 - 18:14

%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොත්මලේ ප්‍රදේශයේදී යුධ හමුදා ට්‍රක්රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා භටයන් දසදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ භටයින් කොත්මලේ සහ ගම්පොළ මූලික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර තුවාල කරුවන්ගෙන් 5දෙනෙකුගේ තත්වය බරපතල වන බවයි වාර්තා වන්නේ.

අද (13) දහවල් 12.30ට පමණ අනතුර සිදුවූ බවත් එම අවස්ථාවේ භටයින් යුධහමුදා රියදුරු පුහුණුව ලබමින් සිට ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

යාපනය, කන්කසන්තුරේ සිට දියතලාව දක්වා ධාවනය වූ මෙම ට්‍රක්රථය නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පලාගොල්ල වැලමිටවංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මීටර 15ක් පමණ ප්‍රපාතයට පෙරළී තිබෙනවා.

පුහුණුව ලබන යුධ හමුදා භටයෙකු ට්‍රක් රථය ධාවනය කර තිබුණා.
 
ට්‍රක් රථය ප්‍රධාන මාර්ගයට පෙරළීමෙන් ගමනා ගමන කටයුතුද විනාඩි 15ක් පමණ ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක‍ෂ