අගමැති ඉන්දියාවට

Tuesday, 21 November 2017 - 7:51

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද අලුයම ඉන්දියාවේ නිළ සංචාරයක් සඳහා නික්මුණා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අලූයම 1.10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 173 දරණ යානයෙන් බැංගලෝරය බලා පිටත්ව ගිය බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ නවදිල්ලියේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවකට ද සහභාගි වන අතර ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මුණ ගැසීමට ද නියමිත බවයි.

එමෙන්ම 23 වන දා නවදිල්ලියේදී ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වනු ඇති.