Update : පේරාදෙනිය සම සෞඛ්‍ය සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක

Monday, 27 November 2017 - 15:29

Update+%3A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමන මේ වන විට කොළඹ - වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට ළඟා වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පා ගමනින් පැමිණි සරසවි සිසුන් එම කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් වෝඞ් පෙදෙසට පිවිසෙන මාර්ගයේ රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් මෙම විරෝධතාව ආරම්භ කළේ ඔවුන්ට මහනුවර සහ පේරාදෙනිය යන රෝහල්වල සායනික පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලමින්.


Update : Monday, November 27, 2017 16.05
--------------------------------------------------

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වන විට කොළඹ දී විරෝධතාවක නිරත වනවා.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කළ සිසුන් මේ වන විට පා ගමනින් පුරහල දෙසට ගමන් කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ ඔවුන්ට මහනුවර සහ පේරාදෙනිය යන රෝහල්වල සායනික පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලමින්.

ඔවුන්ගේ මෙම පා ගමන හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර දෙසට පිවිසෙන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.