දෙමව්පියන් සොයා කිලෝමීටර් 80 ක් බස් රථයක යට සැගවී ගිය දරු දෙදෙනා (ඡායාරූප)

Tuesday, 28 November 2017 - 16:05

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+80+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9C%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම දෙමව්පියන් සොයා බස් රථයක යට සැගවී කිලෝමීටර් 80 ක දුරක් ගමන් කළ කුඩා ළමුන් දෙදෙනෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

චීනයේ ගුඇන්ෂි ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තාවී ඇති බවයි හෙළිවන්නේ.

ඉතා දුප්පත් ගම්මානයක ජීවත්වන මෙම ළමුන් දෙදෙනා අසල්වැසි ප්‍රාන්තයක සේවය කරන තම දෙමව්පියන් සොයා මෙලෙස ගමන්කර ඇතැයි සඳහන්.

ඔවුන් පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට පාසැලේ ගුරුවරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එදිනම ඔවුන් දෙදෙනා බස් රථයක යට සිටියදී හමුවී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මෙම ළමුන් දෙදෙනා බස් රථයේ යට ඇති භාණ්ඩ ඇසුරුමේ සැගවී සිටින ආකාරය දැක ඇත්තේ ආරක්ෂක නිලධාරින් විසින්.

ඒ බස් රථය ගමනාන්තයේ නතර කිරීමෙන් පසුවයි.

කිසිදු අනතුරකින් තොරව ළමුන් දෙදෙනා මෙලෙස හමුවීම පිළිබඳ බස් රථ සේවකයන් ද සතුට පළකර තිබෙනවා.

ඉතා කෙට්ටු  සිරුරුවලින් යුත් ඔවුන් දෙදෙනාට බස් රථයේ භාණ්ඩ ඇසුරුම සැගවී සිටීමට හොඳ ස්ථානයක් වී තිබු බවටයි බස් රථ සේවකයන් විදෙස් මාධ්‍ය වෙත පෙන්වාදී ඇත්තේ.

මෙම ළමුන් දෙදෙනා පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ළමුන් භාරගෙන තිබෙනවා.

මෙම සිද්ධියත් සමග ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ චීනයේ දැඩි කථා බහක් මතුවී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ දැඩි කථා බහක් නිර්මාණය වී ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.