අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් විශේෂ පනතක්

Wednesday, 29 November 2017 - 13:52

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
අසාධ්‍ය රෝගී තත්වයෙන් පසුවන රෝගීන්ට මිය යාමට ඉඩ සලසා දෙන නව පනතක් ඕස්ට්‍රේලියාවේ ප්‍රථමවරට වික්ටෝරියා ප්‍රාන්තයේ සම්මත වී තිබෙනවා.

අදාළ පනත මගින් එම ප්‍රාන්තයේ අසාධ්‍ය රෝගී තත්වයෙන් පසුවන රෝගීන් විසින් තමන්ට මියයාමට අවශ්‍ය බව දැනුම්දීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් හරහා මෙම ඉල්ලීම සිදුකළ යුතුයි.

එලෙස ලැබෙන ඉල්ලීම් විශේෂ කමිටුවක් හරහා සලකා බැලීමෙන් අනතුරුව එන්නත් කිරීමක් මගින් අදාල රෝගියාට මියයාමට ඉඩ සැලසෙනු ඇති.

මෙලෙස මියයාමට ඉල්ලීම් කළ හැකි වන්නේ වයස අවුරුදු 18 ට වැඩි අසාධ්‍ය රෝගීන්ටයි.

මේ අතර ඒ සඳහා වෛද්‍යවරුන් විසින් ඔහු තවත් මාස හයක් පමණක් ජීවත්වන බවට නිගමනය කිරීමක් ද අදාළ ඉල්ලීම සිදුකිරීමට අවශ්‍ය වනවා.

අදාළ පනත සම්බන්ධයෙන් වූ විවාදය නොකඩවා දින දෙකක් ඇතුළුව පැය 100ක් සිදුකිරීමෙන් අනතුරුවයි සම්මත වී ඇත්තේ.

මේ වනවිටත් ලොව කැනඩාව, බෙල්ජියම, නෙදර්ලන්තය වැනි රටවල් වල අසාධ්‍ය රෝගීන්ට මෙම අවස්ථාව හිමිවවනවා.