අනතුරු දෙකකින් එක් අයෙකු මියගොස් 23 දෙනෙකුට තුවාල

Wednesday, 29 November 2017 - 15:57

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොට්ටාව - මහල්වරාව මංසන්ධියේදී අද සිදුවූ මෝටර් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අදාළ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව අධි  බලැති විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථය පැදවූ 24 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ තරුණයෙක්.

මේ අතර මාතර - ගන්දර - තලල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.