නිල්වලා සහ ගිං ස්ථාන කිහිපයකින් පිටාර මට්ටමට - කෙසේල්ගමු ඔය පිටාර ගලයි

Thursday, 30 November 2017 - 9:43

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%A7+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ගතවූ පැය 24 තුළ කළු, ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නිල්වලා ගඟ, පිටබැද්දර, පානදුගම සහ සපුගොඩ ජල මිනුම් ස්ථානය යන ප්‍රදේශවලින් පිටාර මට්ටමට ළඟාවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළඟාවී තිබෙනවා.

පවතින වර්ෂාවත් සමග මෙම ගංඟා ආශ්‍රිතව සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මෙම ගංඟා අවට පදිංචිව සිටින ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර හැටන් - කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් සහ බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (29) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලුවා.

මේ හේතුවෙන් නොර්වුඩ් ක්‍රීඩාංගණය සහ පොලිසිය ඉදිරිපිට නිවාස විසිපහක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

අවතැන්වූවන් මේ වනවිට ආරක‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට, පොලිසිය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු 3ක් ඊයේ (29) සිට විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම නිසා ජලාශ වේල්ලට පහළින්, කොත්මලේ ඔයෙහි ජලය පරිහරනය කරන ජනතාවගෙන් එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටින්නේ විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.



(හැටන් - රංජිත් රාජපක්ෂ / සුන්දරලිංගම්)