බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 14ක් රෝහලේ (ඡායාරූප)

Thursday, 30 November 2017 - 10:40

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුරුණෑගල - අනුරාධපුර - ඇල්ල හරහා මාර්ගයේ ගල්ගමුව, මහගල්කඩවල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (30) අලුයම 4.45ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය කළ බස් රථයක් සහ කුරුණෑගල සිට අනුරාධපුර බලා ධාවනය කළ ලොරි රථයක් මෙලෙස එකිනෙක ගැටී තිබුණා.

අනතුරින් තුවාල ලැබූවන් මේ වනවිට ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.



(ගල්ගමුව - රොෂාන් රණසිංහ)