පාකිස්තානයේ කෘෂි විද්‍යායතනයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Friday, 01 December 2017 - 14:08

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාකිස්තානයේ පෙශාවර් නුවර කෘෂි පුහුණු මධ්‍යස්ථානයකට අද අලූයම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 36 දෙනෙකු තුවාල ලැබුවා.

මුහුණ පුරා වැසුණු බුර්කා වලින් සැරසී රික්ෂෝවකින් පැමිණි ත්‍රස්තවාදීන් 3 දෙනෙකු විද්‍යායතනයට ඇතුළු වී ප්‍රහාරය එල්ල කළ බව සඳහන්.

තලෙයිබාන් සාමාජිකයන් බවට සැලකෙන ඔවුන් 3 දෙනාම පසුව ආරක්ෂක හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම විද්‍යායතනය මිලාදුන් නබි උත්සවය නිමිත්තෙන් වසා තිබූ අතර, මිය ගොස් ඇත්තේ එහි රැදී සිටි සිසුන් 8 දෙනෙකු සහ කාර්යාල සේවකයෙක්.