දුම්රිය සේවකයින්ට රතු නිවේදනයක්

Saturday, 09 December 2017 - 13:31

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් තවදුරටත් සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට සිදුවන බවයි.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ තමන් තවදුරටත් සේවයට වාර්තා නොකරන බවයි.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රියේ අත්සන් කරනු ලැබුවා.

මේ අතර, ජනාධිපතිවරයා අත්සන් කළ ගැසට් නිවේදනය අද දහවල් තමන් වෙත ලැබුණු බවත්, පස්වරුව වන විට එය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත් අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.