වර්ජකයන්ට තව පැය 24යි

Sunday, 10 December 2017 - 12:46

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%BA%E0%B7%92
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සේවයට වාර්තා නොකරන සේවකයින්ගේ රැකියා  අහිමිවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ආසන්න හෙයින් දරුවන්ගේ ගමන් පහසුව පිළිබඳ අවධානය යොමු කර සේවයට වාර්තා කරන ලෙසයි වර්ජනයේ නිරත සේවකයින්ගෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ ප්‍රකාශ කළා.

පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කළ අතර, අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම් කර ඇති හෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයින්ට ඊයේ පස්වරුවේ විශේෂ නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක වීම නිසා දුම්රිය ගමන් වාර 250 ක් පමණ අවලංගු කර තිබෙනවා.