ගංජා ඇද්ද සැප වාහනය

Monday, 11 December 2017 - 9:38

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA
සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කොල්ලූපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී මෝටර් රථය තුළ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.