දෙමස්සිනාලා කළ ඝාතනය(ඡායාරූප)

Friday, 15 December 2017 - 10:19

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ආගරපතන පොලිස් වසමට අයත් වුඩිවිල් වතුයායේ වුඩිලන්ඩි කොටසේ පදිංචිව සිටි අවුරුදු තිස්හයක තිදරු පියෙක් උදැල්ලකින් පහරදි ඝාතනය කර ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.

ඊයේ (14) මෙම පහරදිමෙන් මියගොස් ඇත්තේ රාමයියා පෙරියසාමි නැමැති වතු කම්කරුවෙක්.

තම සොහොයුරියට ආමානුෂික ලෙස සැමියා විසින් පහර දෙන අවස්ථාවේ ඔහුන් පදිංචි නිවසට ආසන්නයේ සිටින එම සොහොයුරියගේ සොහොයුරන් දෙදෙනා එම පහරදිම වැලැක්විමට පැමිණී අවස්ථාවේ තම මස්සිනාට උදැල්ලකින් ඔලුවට පහර දිමෙන් පසු එම පහරදුන් සැකකරුවන් දෙදෙනා විසින්ම තම මස්සිනාව ආගරපතන රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මරණකරුගේ බිරිදගේ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
 
ආර්ථික දුෂ්කරතා මැද දරිද්‍රතාවයෙන් ජිවත් වන  නිසා වස පානය කර සියලූදෙනා සියදිවි හානි කර ගැනිම සදහා මරණකරු වස බෝතලයක් ගෙනවිත් එය සියලූ දෙනාම පානය කළයුතු බවට බිරිදට කළ යෝජනාව බිරිද විසින් ප්‍රතික්‍ෂ්ප කිරිම නිසා මරණකරු විසින් බිරිදට පහරදි ඇති බවයි දැනට කරන ලද මුලික පරික්‍ෂණවලදි කරුණූ අනාවරණය වි ඇති බවි පොලිසිය පවසන්නේ.

මියගිය අයගේ සිරුර සමිබන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්‍ෂණයෙන් පසු සිරුර නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා යොමු කර අත්අඩංගුවට ගත් සැකකරුනන් දෙදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ආගරපතන පොලිසිය පවසනවා.