ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Saturday, 16 December 2017 - 8:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ ප්‍රධානතම මෙන්ම වඩාත් ජනාකීර්ණ දිවයින වන ජාවා දූපතේ වෙරළාසන්නව ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 6.5ක්.

භූ කම්පනය එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් පමණ ඈතින් පිහිටි ජාකාර්තා අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසකට බලපා ඇති බව සඳහන්.

නිවාස හා ගොඩනැගිලි කඩා වැටීමේ සිද්ධීන් ද වාර්තා වූ අතර, එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

භූ කම්පනයත් සමඟ ජාවා දූපතේ වෙරළාසන්න ප්‍රදේශවලට සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කළ ද පසුව එය ඉවත් කර ගැනුණා.

පැසිෆික් - රිං ඔෆ් ෆයර් හෙවත් පැසිෆික් ගිනි වළල්ල ලෙස හඳුන්වන භූ කම්පන අවදානම් කලාපයේ පිහිටි ඉන්දුනීසියාවේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.

පසුගිය වසරේ දෙසැම්බරයේ ඉන්දුනීසියාවේ බටහිර අචේ ප්‍රාන්තයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, දස දහස් සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමි වුණා.






ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More