නාමයෝජනා පැහැරගැනීම

Monday, 18 December 2017 - 7:57

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාමයෝජනා පත්‍ර ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

නිදහස් පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පොකුණුවිට පිහිටි නිවසේදී නාමයෝජනා පත්‍ර සකස් කරමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෝටර් රථයකින් පැමිණි තුන්දෙනෙකු විසින් පළාත් සභා මන්ත්‍රිවරයාට තර්ජනය කර ඉන් අනතුරුව නාමයෝජනා පත්‍ර පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

හොරණ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ පිරිස් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.