මෝදි පියවරක් පසුපසට

Monday, 18 December 2017 - 16:24

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B6%A7
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන බලකොටුව වන ගුජරාට් ප්‍රාන්තයේ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය නැවතත් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී සිටිනවා.

එහෙත් පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී හිමි කර ගත් ආසන 12ක් ඔවුන්ට අහිමි වී ඇති අතර, කොංග්‍රස් පක්ෂය නව ආසන 16ක් හිමි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ආසන 182කින් සමන්විත ගුජරාට් ප්‍රාන්තයේ ආසන 103ක් භාරතීය ජනතා පක්ෂය හිමිකරගෙන සිටින අතර, කොංග්‍රස් පක්ෂයට හිමි වී ඇති ආසන සංඛ්‍යාව 76ක්.

ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේ පසුබෑම හේතුවෙන් 2019 මහමැතිවරණයට පෙර අග්‍රාමාත්‍ය මෝදි ජනතා සහන ඇතුළත් දේශපාලන වශයෙන් ජනප්‍රිය පියවර ගැනීමට පෙළඹෙනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.