දෙරටේ නායකයින්ගේ එකඟතාවය

Monday, 18 December 2017 - 19:35

%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට දෙරටේ නායකයින් එකඟතාවය පළ කර තිබෙනවා.

තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර අද පැවැති ද්වි පාර්ශවික සාකච්ඡාවලදී මෙම එකඟතාව පළ වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එසේම මධ්‍යම පාන්තික නිවාස 14,000ක් ඉදිකිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීමට සහාය ලබාදෙන බව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සහ මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අතර නිළ හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදියි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මලයාසියානු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිතව හමුදා උත්තමාචාරයක් ද පිරිනැමුණා.

අනතුරුව පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට මලයාසියාවෙන් ලබාදෙන සහය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්තූතිය පළ කළා.



SF ලොක්කා ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග
Wednesday, 05 August 2020 - 19:16

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 71
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More