නිමල් ලාන්සා ඉල්ලා අස්වෙයි

Tuesday, 19 December 2017 - 11:34

%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කරුණු කිහිපයක් මුල් කර ගනිමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් ඇති බව ද ඉදිරියේදී එම ගැටළු ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ලබන වසරේදී මාධ්‍ය හමුවක් කැදවීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියා.

මීට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස් වූවා.