වන අලි නිසා ජීවිතය හැර යාම

Wednesday, 20 December 2017 - 11:16

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8
ගල්ගමුව - ඉහළකෝන්වැව ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ නිවස ආසන්නයට පැමිණි වන අලියා පලවා හැරීමට මිය ගිය පුද්ගලයා උත්සාහ කර ඇති අතර එහිදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 53ක්.

මේ අතර පොළොන්නරුව, ගිරිඋල්ල, ඉකිලිවැව ප්‍රදේශයේදී ද වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය බිරිඳ සමඟ අද උදෑසන පොළොන්නරුව රෝහල වෙත යාමට පැමිණි අවස්ථාවේදී අදාල පුද්ගලයා මෙලෙස අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා කේ.ඩී ප්‍රේමදාස නමැති 68 වන වියේ පසුවූ තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.