තහනම් දෙයක් හේනකින් මතු වෙයි

Thursday, 21 December 2017 - 18:17

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සහ බෙහෙත් කොටන ගිනි අවි 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය කළ මෙහෙයුමකදී කිරින්ද ප්‍රදේශයේදීයි විදේශයක නිශ්පාදිත බෝර 12 ගිනි අවිය අත්අඩංගුවට ගැනුනේ.

ඒ එම පුද්ගලයාට අයත් හේනකදීයි.

එමෙන්ම මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන ගිනි අවි දෙකක් සමග අද අලුයම හොරගහඋල්පත ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 34 සහ 45 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.