ධීවරයන් 06ක් එක්ක "ලක්ප්‍රිය 01" අනතුරක

Friday, 22 December 2017 - 13:41

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%22%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+01%22+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
මෙරට ධීවරයන් 06 දෙනෙකු රැගත් බහුදින යාත්‍රාවක් මාලදිවයිනට ආසන්න මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 21 වනදා බේරුවල ධීවර වරායෙන් නික්මුණු ‘‘ලක්ප්‍රිය 01 ’’ නමැති මෙම ධීවර යාත්‍රාව එලෙස අනතුරට ලක්වූ බව ඥාතීන්ට දැනුම්දී ඇත්තේ මේ මස 16 වනදායි.

ඒ අනුව අනතුරට ලක්වූ යාත්‍රාව බේරා ගැනීම සඳහා එහි හිමිකරු වෙනත් යාත්‍රා යොදවනු ලැබුව ද එය සාර්ථක නොවූ බවයි අනතුරට ලක්වූ යාත්‍රාව පැදවූ පුද්ගලයාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අප මේ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ අනතුරට ලක්වූ යාත්‍රාව පිළිබඳව එහි ධීවරයින්ගේ පවුල්වල ඥාතීන් තමන් දැනුවත් කළ බවයි.

ඒ අනුව මෙම ධීවර යාත්‍රාව තම මුහුදු ප්‍රදේශයට පැමිණියහොත් බේරා ගැනීමට කටයුතු කරන ලෙස ලක් රජය මාලදිවයිනෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළා.