බැඳුම්කර වාර්තාවෙන් පසු ආණ්ඩුවේ වෙනසක්

Tuesday, 26 December 2017 - 20:11

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර කොමිසම සකස් කළ වාර්තාව නිකුත් වූ පසු නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව අනාවරණ කළේ.

එමෙන්ම ලැබී තිබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ කිහිපයක් පවරාගැනීමටද ඉඩ පවතින බවයි.

මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කියා සිටියේ මහ බැංකු චෝදනාවට ලක්වූවන් සම්බන්ධයෙන් ජනතාව පෙබරවාරි 10 වනදා ජනතා අධිකරණයේදී පිළිතුරු ලබාදෙනු ඇති බවයි.