හදිසි අනතුරුවලට ලක්වූ 512 ක් ජාතික රෝහලේ (ඡායාරූප)

Monday, 01 January 2018 - 11:28

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+512+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගතවූ දින 2 තුළ හදිසි අනතුරුවලට ලක්වූවන් 512 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව අනතුරු සියයට 6 කින් ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ගිනිකෙළිවලින් සිදුවූ අනතුරුවල පහළයාමක් දක්නට ලැබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ නව අවුරුදු උදාවත් සමඟ පන්නිපිටිය මොරකැටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කුඩා ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූවා.

එම ස්ථානයේ සිටි අයෙක් සඳහන් කළේ කොට්ටාව දෙසින් පැමිණි ත්‍රිරෝද රථය මහරගම දෙසින් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

පොලිසිය සඳහන් කළේ අනතුරින් ත්‍රිරෝද රථයට සහ ලොරි රථයට හානි සිදුව ඇති අතර රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි.

එම අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.