ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත්

Monday, 01 January 2018 - 16:02

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
විවේචනයට වැඩි ඉඩකඩක් ලබාදෙන බවට ජනාධිපති හසාන් රව්හානි ප්‍රතිඥා ලබා දුන්නද ඉරානයේ නගර රැසක ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා සදහන් කළා.

දැන් එහි ඇති වී තිබෙන්නේ 2009 වසරෙන් පසු දැවැන්තම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලයි.

ටෙහෙරාන් අගනුවර එන්ගෙලබ් චතුරස‍්‍රයේ ඊයේ සන්ධ්‍යාවේ පැවති උද්ඝෝෂණය මැඩපැවැත්වීම සදහා පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළ බව සදහන්.

වයඹ දිග ඉරානයේ ටකෙස්ථාන් නගරයේ ආගමික පාසලක් සහ රජයේ ගොඩනැගිලි රැසකට විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

පැහැර ගත් ගිනි නිවන රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු එහිදී ජිවිතක්ෂයට පත්වූ බව ඉරාන රජයේ ප්‍රවෘත්ති සේවය සදහන් කළා.

ටෙහෙරාන් නුවර විරෝධතාකරුවන් 200 ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.