උතුරු කොරියාවෙන් විශේෂ දුරකථන සේවාවක්

Wednesday, 03 January 2018 - 15:59

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ශීත ඍතු ඔලිම්පික් තරඟාවලිට සහභාගිවීම පිළිබඳව සහ පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියාව වෙත ඇමතුම් ලබාගත හැකි විශේෂ දුරකථන සේවාවක් ආරම්භ කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

එය අද (03)  පස්වරුවේ සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

දකුණු කොරියාවේ පැවැත්වෙන එම තරඟාවලියට උතුරු කොරියානු කණ්ඩායමක් සහභාගි කරවීමට එරට නායක කිම් ජොන් අන් ඊයේ (02) තීරණය කරනු ලැබුවා.