කිරිල්ලවල රත්කළ අනතුර (CCTV)

Wednesday, 03 January 2018 - 16:40

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28CCTV%29
කිරිල්ලවල කන්ද කපපු හන්දියේ සිදු වූ මෝටර් රථ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා එක් අයෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදි අනතුරක් සිදුකර පලායමින් සිටි මෙම මෝටර් රථය වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවී අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවන් දෙදෙනෙක්,පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ එක් කුඩා දරුවෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අසල තිබූ සීසීටීවී  කැමරාවක අනතුර සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.