ප්‍රතිකාර ගන්න ලංකාවට ඇවිත් ක්‍රීඩාංගණයේදී අභිරහස් ලෙස මියගිහින්

Thursday, 04 January 2018 - 13:32

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මාලිගාවත්ත - අරලිය උයන ක්‍රීඩාංගනයේ තිබී 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.

ඒ සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය නිමවීමෙන් අනතුරුව මරණයට හේතුව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි වනු ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවුවෙකු වන මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා පසුගිය නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගැනීම සඳහායි.

එහි නවාතැන්ගෙන සිටියදී වාද්දුව නගරයට ගොස් මත්පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් මොහුව පසුගිය දෙසැම්බර් 18 වනදා නැවත බ්‍රිතාන්‍යයට යැවීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපළේදී මොහු නැවත කුලී රථයකින් මරදාන ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක සිද්ධිය වූ දිනට පෙර දිනයේදී නවාතැන් ගෙන ඇති බවයි මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ.

එහි සිටියදී සැකකාර ත්‍රීරෝද රථ රියදුරා සහ අනෙක් සැකකරු මොහුට හමුවී ඇති අතර තමන්ට මත්කුඩු අවශ්‍ය බවට මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් රුපියල් 2000ක් වටිනා මත්කුඩු මිලදී ගත් බවටයි ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

පසුව එක් සැකකරුවෙකුගේ නිවසට පැමිණ බ්‍රිතාන්‍ය ජාතිකයා ඒවා එන්නත් කරගෙන ඇති අතර එහිදී ඔහු සිහි මුර්ජා වූ බව සැකකරුවන් පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන්.

පසුව ත්‍රිරෝද රථයකින් මොවුන් බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මාලිඟාවත්ත - අරලිය උයන ක්‍රීඩාංගනයේ දමාගොස් තිබෙනවා.

අනතුරුව සැකකරුවන් ඔහුගේ ගමන් මල්ල සැකකටයුතු අන්දමින් මරදාන මොහිදීන් මස්ජිද් ප්‍රදේශයේදී පුළුස්සා ඇති බවද පොලිසිය කියා සිටියා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය, ගුවන් ටිකට්පත, මුදල් තොගයක් සහ අත්ඔරලෝසුව ද හමුවී තිබෙනවා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More