බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණයට සැක දෙදෙනා රිමාන්ඩ්

Thursday, 04 January 2018 - 18:26

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාලිගාවත්ත - අරලිය උයන ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

නියෝගය ලබාදෙමින් අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පැවසුවේ සැකකරුවන් දෙදෙනාගෙන්  එක්  අයෙකු හාදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන  ලෙසයි.

මාලිගාවත්ත පොලීසිය  විසින් ඊයේ (03) රාත්‍රියේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මරදාන ප්‍රදේශයේදී.

37 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළ සිරුර පොලිසිය සොයාගත්තේ පසුගිය 2 වනදායි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් ළඟ මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය, ගුවන් ටිකට්පත, මුදල් සහ අත්ඔරලෝසුව ද පොලීසිය සොයා ගෙන තිබුණා.