උතුරු කොරියාව, දකුණ සමඟ සාකච්ඡාවකට එකඟ වෙයි

Friday, 05 January 2018 - 9:30

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි සතියේදී තම රට සමඟ ඉහළ පෙලේ සාකච්ඡාවකට උතුරු කොරියාව එකඟ වූ බව දකුණු කොරියානු බලධාරින් ප්‍රකාශ කළා.

ජනවාරි 9 වනදා මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු ක්‍රීඩකයන් සහභාගි කරවීම පිළිබඳවයි.

මෙම ක්‍රීඩා උළෙල සඳහා කණ්ඩායමක් සහභාගි කරවීම ජනතාව අතර එකමුතුකම ප්‍රදර්ශනය කිරීමේ කදිම අවස්ථාවක් බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ සතිය මුලදී ප්‍රකාශ කළා.

සාකච්ඡාව උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර, දැඩි රැකවල් සහිත දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් නුවරදී පැවැත්වෙනු ඇති.

දකුණු කොරියානු ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන සමයේ ඒකාබද්ධ යුද අභ්‍යාස අත්හිටුවීමට ඇමරිකාව එකඟ වී තිබෙනවා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More